අශ්වයා සහ ඩී. එස්. සේනානායක

අශ්වයා සහ ඩී. එස්. සේනානායක
බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ ඩී එස් සේනානායක මහතා මිය ගියේ අශ්වයා පිටෙන් ඇද වැටීම නිසා බවයි. නමුත් එය බොරුවකි. ඔහු මියගියේ හර්දයාබාධයකිනි. මේ සිදුවීමට මාස ගණනාවකට පෙරම, ඔහුගේ වෛද්‍යවරු ඔහු මරණයට ලංවෙමින් සිටින බව දැන සිටියහ. ඔවුහු ඒ බව ඔහුගේ සමීපතමයන් වන ඩී. ආර්. විජේවර්ධන, හුළුගල්ලේ, ඔලිවර් ගුණතිලක සහ එස්මන්ඩ් වික්‍රමසිංහ (රනිල් වික්‍රමසිංහගේ පියා) යන අයට සැළ කළ අතර ඔවුහු ඉතා උපක්‍රමිකව ඔහුගෙන් පසුව අගමැති කළ යුත්තේ කාවද යන්න ඩී එස් ගෙන් විමසා දැන ගත්හ. පක්ෂයේ දෙවනියා ලෙස සිටියා වූත්, ජ්‍යෙෂ්ඨයා වූත් ජෝන් කොතලාවල වෙනුවට ලාබාල ඩඩ්ලි, ඔහුගෙන් පසුව අගමැති වූයේ එයින් පසුව කල් තබා දියත් කළ සැලසුම් සහගත කුමන්ත්‍රණයකට අනුවය.
බලාපොරොත්තු වූ පරිදිම ඔහුට හ්රදයාබාධය වැළඳුනේය. ඒ අශ්වයා පිටේදීය. පසුව මිය ගියේය. කුමන්ත්‍රණයට අනුව කොතලාවල වෙනුවට ඩී එස් ගේ පුත් ඩඩ්ලි සේනානායක අගමැති වූයේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 40 කි. ඒ අනුව නිදහසින් පසුව මේ රටේ ආණ්ඩුවක නායකයා වූ ලාබාලම පුද්ගලයා ඩඩ්ලිය.

Facebook Comments