මල්ලිලා

මල්ලිලා
රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ නමින් අලුත්ම දේශපාලන පක්ෂයක් ඔහුගේ නායකත්වයෙන් පිහිටුවන විට ඔහුගේ වයස අවුරුදු 21 ක් පමණකි. අවුරුදු 27 දී එනම් 1971 දී ඔහු දහස් ගණනක් තරුණයන්ට නායකත්වය දෙමින් රජයට එරෙහිව රට පුරා පැතිරුණු සන්නද්ධ කැරැල්ලක් දියත් කිරීමට සමත් විය.
වයස අවුරුදු 19 දී සන්නද්ධ දෙමල සටන්කාමී කණ්ඩායමකට සම්බන්ධ වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් සිය පළමු ඝාතනය ලෙස ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාව ඝාතනය කළේ තමන්ට වයස විසි එකක්ව තිබියදීය. ප්‍රභාකරන් ශ්‍රී ලංකා රජයට එරෙහිව 1983 දී යුද්ධය දියත් කරන විට ඔහුගේ වයස අවුරුද විසි අටකි. 1970 දශකය මුලදී දෙමල සන්නද්ධ දේශපාලනයට සම්බන්ධ වූවන් අතරින් ලාබාලතමයා ප්‍රභාකරන් වූ බැවින් පසු කාලයේදීද ඔහුව හඳුන්වනු ලැබුවේ ‘තම්බි’ (මල්ලි) ලෙසිනි.

Facebook Comments