හෙජමනිය

හෙජමනිය

හෙජමනිය යන වචනය ප්‍රචලිතව යෙදෙන්නේ මාක්ස්වාදී සාහිත්‍යයේ එන තාක්ෂණික යෙදුමක් වශයෙනි. කෙසේවෙතත් මීට ඊට වඩා ඉතිහාසයක් සහ මාක්ස්වාදී නොවන භාවිතයක්ද තිබේ. හෙජමනි යන වචනය සෑදී ඇත්තේ ග්‍රීක භාෂාවේ එන hegemonia (නායකයා) යන වචනයෙනි. මෙහි සරළ තේරුම නම් අනෙක් ඒවා හෝ අනෙක් අය මත යමකට හෝ යමෙකුට ඇති ආධිපත්‍යයයි. මේ වචනය මාක්ස්වාදය තුළට රැගෙන ඊට විශේෂ තේරුමක් ලබා දෙනු ලැබුවේ ඉතාලියානු මාක්ස්වාදියෙකු වූ අන්තෝනියෝ ග්‍රාම්ස්චි විසිනි. ඔහුට අනුව හෙජමනිය යනු බලහත්කාරයෙන් අනෙකුත් පන්තීන් යටපත් කරගනු වෙනුවට ඔවුන්ගේ කැමැත්ත දිනා ගනිමින්ම ඒ පන්තීන් මත ආධිපත්‍යය පවත්වාගෙන යාමට පාලක පන්තියට ඇති හැකියාවයි. ඒ අනුව දැන් අනෙක් පංතීන්ගේ අවනතභාවය ලබා ගැනීමට තවදුරටත් පාලක පන්තියට ඔවුන් මත ප්‍රචණ්ඩත්වය හෝ බලහත්කාරය මුදා හැරීමට අවශ්‍යවන්නේ නැත. ඒ වෙනුවට ධනපති පන්තියේ වටිනාකම් සහ විශ්වාසයන්, තමන්ගේම ඒවා ලෙස අනෙක් පන්තීන් දැන් අදහති. ඒ අනුව ධනපති පන්තියට අවශ්‍ය අවනතභාවය ඉබේම ලැබේ. හේතුව, ධනපති වටිනාකම්, පොදු වටිනාකම් ලෙස සමාජය සළකන බැවිනි.

Facebook Comments