අපිට ගහලා විනාශ කරලා පස්සේ අඬන්න එපා ජනාධිපති ජනමාධ්‍යවලට අනතුරු අඟවයි

අපිට ගහලා විනාශ කරලා පස්සේ අඬන්න එපා  ජනාධිපති ජනමාධ්‍යවලට අනතුරු අඟවයි
තමන්ට පහර දී දුර්වල කර විනාශ කර දැනට උදා වී ඇති මාධ්‍ය නිදහස නැති කර ගැනීමට කටයුතු කර පසුව දුක් නොවන ලෙස තමන් තම මාධ්‍ය මිතුරන්ගෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ ඊයේ පවතී මොරගහකන්ද කළුගඟ රන්දියවර රැඳවුම් මංගල්‍ය උත්සව සභාව අමතමිනි.
‘අපිට ගහලා,  දුර්වල කරලා , විනාශ කරලා , ඇද දමලා දුන්න ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මාධ්‍ය නිදහස නැති කරගෙන කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට කාරුණිකව කියනවා.‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසීය.
ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ‘මම මේ කියන්නේ අපට අවහිර කරන, අපේ වැඩවලට නිසි ප්‍රචාරය නොදෙන මාධ්‍යවලට. අද සමහර පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන්නන් අපේ කටින් පිටවන අවශ්‍ය දෙවල් නොවෙයි.  අනවශ්‍ය දේවල් ආණ්ඩු ආණ්ඩු විරෝධී ප්‍රචාර සවසට රූපවාහනි ප්‍රවෘත්ති බැලුවම මේ රටේ ආණ්ඩුවක් නැති ගාණයි. මාධ්‍යවල තියෙන්නේ රට විනාශ වෙනවා කියන එකයි. මා මේ ගැන කනගාටුවෙනවා.මම රටේ ප්‍රඡාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කළේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්නටයි.  නිවැරදි දේ ලෝකයාට දෙන්නයි’ යනුවෙනි.
‘අද දේශපාලන ආරවුල්, ගැටම්, වැඩක් නැති අශිලාචාරත්වයට ප්‍රමුඛත්වය දෙන්න නෙවෙයි අද අපට අවහිර කරන, අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට මා කාරුණිකව කියනවා අපිට ගහලා අපි දුර්වල කරලා අපි විනාශ කරලා අපි ඇද දමලා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන නිදහස නැති කරගෙන දිලා තියනවා මාධ්‍ය නිදහස නැති  කරගෙන නැවත දවසක කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා’
Facebook Comments