ඉල්ලීම් දහයක් දිනන්න දොස්තරලා වර්ජනයකට

ඉල්ලීම් දහයක් දිනන්න දොස්තරලා වර්ජනයකට
ඉල්ලීම් දහයක් දිනාගැනීමේ අරමුණින් තමන් ලබන අගෝස්තු තුන්වෙනිදා වර්ජන ක්‍රියාදාමයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කෙසේවෙතත් රිජේවේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල, ද සොයිසා කාන්තා රෝහල සහ රජයේ ලේ බැංකුව යන ආයතනවල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවනු ඇත.
ඊයේ කොළඹදී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.
Facebook Comments