ජනබලය කොළඹට කල්යයි

ජනබලය කොළඹට කල්යයි
රජයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය පවත්වන ‘ජනබලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය සැප්තැම්බර් මස පස්වෙනිදාට කල් තැබූ බව එහි සංවිධායකයෝ පවසති.
මීට පෙර එම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු යොදා තිබුනේ අගෝස්තු 17 වෙනිදා වුවත් එදින එම විරෝධතාව පැවැත්වුවහොත් එමගින් මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එය කල්දමන ලෙස තමන්ට උපදෙස් දුන් බව ඊයේ කොළඹ පවතී පුවත් පත් සාකච්ඡාවකට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මේ රජය පළවා හැර ජනතාවාදී රජයක් බිහිකරගැනීමට කැමති සියලුම දෙනාට ලබන සැප්තැම්බර් 5 දින කොළඹදී පැවැත්වෙන ‘ජනබලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය සමග එක්වන ලෙස තමන් ආරාධනා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Facebook Comments