ගෝඨාභය ඇතුළු 07 එරෙහි නඩුවට විශේෂ නියෝගයක්

ගෝඨාභය ඇතුළු 07 එරෙහි නඩුවට විශේෂ නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව දෙසැම්බර් මස 04 වන දින සිට අඛණ්ඩව දිනපතාම විභාග කර අවසන් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(09) නියොග කර තිබේ.

තංගල්ල වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සදහා රජයේ මුදල් අවභාවිත කළ බව සදහන් සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මහා පරිමාණ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව ගොනු කර තිබේ.ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තවත් පුත්ගලයන් 07 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත. පසුගිය මස 10 වනදා පළමු වරට විශේෂ මහාධිකරණය හමුවේ මෙන නඩුව විභාගයට ගත් අතර එහිදී විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Facebook Comments