අයවැයට දෙමළ සන්ධානයේ සහය හිමි වේවි – මනෝ ගනේෂන්

අයවැයට දෙමළ සන්ධානයේ සහය හිමි වේවි – මනෝ ගනේෂන්

අයවැය සඳහා දෙමළ සන්ධානයේ සහය හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් පරික්ෂණ නිවැරදි ලෙස සිදු කර ඔවුන්ට සධාරණයක් සිදු විය යුතු බව ද අමාත්‍යවරයා එහිදි පැවසීය.

තවද එම සිරකරුවන්ට අණදුන් පිරිස එළියට වී නිදහසේ සිටින බවත් අසරණ ජනතාව බන්ධනාගාර ගතව සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Facebook Comments