තැපෑල යළිත් වර්ජනයකට සුදානම් වේ

තැපෑල යළිත් වර්ජනයකට සුදානම් වේ

මීට මාස කිහිපයකට ඉහතදී තැපැල් සේවකයින් වර්ජනයක් ක්‍රියාත්මක කිරීම නිසා රටේ විශාල ගැටළු රැසක් නිර්මාණය විය.කෙසේ වෙතත් රජයේ පාර්ශව සමග පැවති සාකච්ජා වල ප්‍රථිපලයක් ලෙස එම වර්ජනය අවසන් කිරීමට අදාළ තැපැල් සේවක සංගම් තීරණය කරන ලදී.

කෙසේ වෙතත් තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නැවත වරක් වැඩවර්ජනයකට හෝ එවැනි වෙනත් වෘත්තීය සමිති අරගලයකට සූදානම් වෙමින් සිටින බව මේ වන විට වාර්තා වේ.ලබන 30වනදා වන විටත් සිය ගැටලූවලට විසඳුම් නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති අරගලය ආරම්භ කරන බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන ලදී.

රජය විසින් පත් කර තිබෙන නව වැටප් සමාලෝචන කමිටුවේ කාලය ද ලබන 30වනදායින් අවසන් වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි

Facebook Comments