ඊයේ රාත්‍රියේ ගෝඨා හා රනිල් හමුවුණේ කුමක් නිසාද ? – මෙන්න ඇත්ත

ඊයේ රාත්‍රියේ ගෝඨා හා රනිල් හමුවුණේ කුමක් නිසාද ? – මෙන්න ඇත්ත

දැනට උද්ගත වී ඇති තත්වය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස කටයුතු කිරීමට පටන් ගැනීමත් සමග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් අරලිය ගහ මන්දිරයේ රැදී සිටීම ගැටළු සහිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රකාශ කර සිටී.නමුත් එක්සත් ජාතික පක්ෂය සදහන් කරන්නේ මෙය නීති විරෝධී අන්දමින් බලය පැහැර ගැනීමක් නිසා පාර්ලිමේන්තුව කැඳවා මෙම ගැටලුව නිරාකරණය කර ගන්නා තුරු රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයෙන් ඉවත් නොවන බවයි.

කෙසේ වෙතත් මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර ඊයේ (01) විශේෂ හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.මෙහිදි හිටපු අගමැතිවරයාට අරලියගහ මන්දිරයෙන් පිටව යාම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නා අයුරු සහ එය සිදුකළ යුත්තේ කෙසේද යන්න ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ පණිවිඩයක් රැගෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ මහතා හමුවි දැනුවත් කර ඇති බව සදහන් වේ.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්භන්දයෙන් කෙසේ කටයුතු කරයිද යන්න තවමත් ස්ථිර වී නොමැති අතර එතුමා තව දුරටත් අරලිය ගහ මන්දිරයේ රැඳී සිටී.

Facebook Comments