කුමන්ත්‍රණකාරී ලෙස පත්වී රනිල්ගේ වැඩවලට බාධා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා

කුමන්ත්‍රණකාරී ලෙස පත්වී රනිල්ගේ වැඩවලට බාධා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා

නීතිවිරෝධී රජයක් යටතේ නීතිවිරෝධී පත්වීම් ලැබූ පිරිසක් මේ වන විට රටේ නීත්‍යානුකූල අග‍මැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය නිල නිවසින් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් දරන බවත් ජනබලයක් නැති මෙම කුමන්ත‍්‍රණකාරී රජය පාර්ලිමේන්තුව තුළඳී පරාජයට පත්වීමට නියමිත යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගල රත්නායක මහතා ඊයේ (01) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය පමණක් නොව සියලුම පක්ෂ පුළුල් එකඟත්වයකට පැමිණ සිටින බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා සිය නිවේදනයෙන් පෙන්වා දේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

නීතිවිරෝධී රජයක් යටතේ නීති විරෝධී පත් වීම් ලැබූ පිරිසක් විසින් මේ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිල කාර්ය මණ්ඩලය ඉවත් කර ඇති අතර අරලියගහ මන්දිරයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට විවිධ උත්සාහයන් දරමින් සිටී.

කුමන්ත‍්‍රණකාරී සහ නීතිවිරෝධී රජයකින් දෙන සියල පත්වීම් නීති විරෝධී බවත්, එකී නීති විරෝධී පත්වීම් ලබන්නන් ක‍්‍රියාත්මක කරන නියෝගවලට නීතිමය වලංගුතාවක් නොමැත.

එලෙස නීති විරෝධී නියෝග ලබා දී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කාර්යන්ට සහ කර්ත්ව්‍යන්ට බාධා කරන පුද්ගලයන්ට එරෙහිව මේ අර්බුදය අවසන් වූ වහාම නීතිය ක‍්‍රියාත්මක කරන අතර රාජ්‍ය නිලධාරියෙකු රටේ නීතියටත්, ව්‍යවස්ථාවටත් ගරු කළ යුතු අතර හිතාමතාම එම නීතිමය රාමුව උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව ද ඔහු එම නිවේදනයේ දක්වා තිබේ.

තවත් නොබෝ දිනකින්ම මෙම නීති විරෝධී ජාත්‍යන්තර පිළිගැනීමක් හෝ ජනබලයක් නැති, කුමන්ත‍්‍රණකාරීන් රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළදී පරාජයට පත්වීමට නියමිත බව ද පවසන සාගල රත්නායක මහතා ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය පමණක් නොව රටේ සියලූම දේශපාලන පක්ෂ මේ වනවිට පුළුල් එකඟත්වයකට පැමිණ සිටින බව ද අවධාරණය කර සිටියි.

Facebook Comments