ජනපති ඝාතනයට “රෝ” ඔත්තු සේවය සම්භන්ද බවට මෛත්‍රී ඉඟි පල කරා – හිටපු අගමැති ඉන්දීය මාධ්‍යක් වෙත හෙළි කරයි

ජනපති ඝාතනයට “රෝ” ඔත්තු සේවය සම්භන්ද බවට මෛත්‍රී ඉඟි පල කරා – හිටපු අගමැති ඉන්දීය මාධ්‍යක් වෙත හෙළි කරයි

පසුගිය සමයේ රට පුරා විශාල වශයෙන් කතා බහට ලක්වුයේ ජනපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට ඇති සැලැස්මක් පිලිබඳවය.කෙසේ වෙතත් පෙරේදා බන්ධනාගාර ගත කර සිට ඇප ලබා නිදහස් වූ මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ප්‍රකාශ කළ පරිදි මේ සියල්ල නාමල් කුමාර නැමැත්තා පලි ගැනීම සඳහා සිදු කරගෙන යන ඒවා බවයි.

කෙසේ වෙතත් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දියාවේ රූපවාහිනි නාලිකාවක් වෙත ඊයේ (01) විශේෂ ප‍්‍රකාශයක් සිදු කර තිබේ.එහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සම්බන්ධ බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ඉගි පළ කළ බවයි.මෙම පුවත පසුගිය දිනක ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු 04 දෙනෙකුගෙන් විමසීමෙන් අනතුරුවය.ඒ අනුව දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයත් සමග ජනපතිවරයා එවැන්නක් කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බව තහවුරු වේ.

එසේම තමා තවදුරටත් ශී‍්‍ර ලංකාවේ අගමැති බවත් ව්‍යවස්ථාව අනුව වැඩි විශ්වාසයක් ඇති පුද්ගලයා තමා බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ නාලිකාව සමග පවතී සාකච්ජාවේදී ප‍්‍රකාශ කර තිබේ.

Facebook Comments