“මට පක්ෂ බේදයක් නෑ.. මොන පක්ෂයේ හරි ඇමතිකමක් දරමින් ඉන්නයි මට ඕනේ” – එස්.බී. නාවින්න

“මට පක්ෂ බේදයක් නෑ.. මොන පක්ෂයේ හරි ඇමතිකමක් දරමින් ඉන්නයි මට ඕනේ” – එස්.බී. නාවින්න

මොන ආණ්ඩුව ආවත් තමාට ඇමැති ධුරයක් හිමිවන බවත් ඒ සම්බන්ධව කිසිඳු ගැටළුවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා ඊයේ (01) පැවසීය.කුරුණෑගලදී පැවැති එක්සත් ජාතික පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා එසේ පැවසීය.

තමා තීරණයක් ගැනීමට පෙර සිය පාක්ෂිකයින්ගෙන් විමසු බවත් තමාට කැමති තීරණයක් ගැනීමට ඔවුන් ඉඩ ලබා දුන්බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.පසුගිය වර එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ විටත් එසේ ජනතාවගෙන් අසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දැමු එස්.බි නාවින්න මහතා පැහැදිලිවම කටයුතු කරන්නේ තමාගේ පෞද්ගලික වාසිය මත බව මෙම ප්‍රකාශ හරහා මැනවින් ඔප්පු වී තිබේ.

එසේම තමාට පක්ෂ බේදයක් නොමැති බවත්, අවශ්‍ය වන්නේ කුමන පක්ෂයක හෝ ඇමති ධූරයක් දරමින් ජනතාවට සේවය කිරීම බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.එසේම පසුගිය මහ මැතිවරණයේදී වංචාවක් මාර්ගයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණු එස්.බි නාවින්න එදා සිදුකළ ක්‍රියාවද ඉතාමත් නින්දිතය.මහව ආසනයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කර ජයග්‍රහණය කර සිටි අචිනි ලොකු බණ්ඩාරගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරය අමු අමුවේ බලෙන් උදුරා ගත් එස්.බි නාවින්න අද පක්ෂය මාරු කිරීමට කටයුතු කිරීම පුදුමයකට කරුණක් නොවන්නේය.

එදා කුරුනෑගල ජන්ද ප්‍රතිපලය ප්‍රකාශ කිරීමට නොහැකිව සිටියේ මෙකී පුද්ගලයා කෙසේ හෝ පාර්ලිමේන්තුවට යැවීමට අවශ්‍ය බව එ.ජා.ප නායකත්වය තීරණය කිරීමත් සමගමය.ඒ සඳහා බිල්ලට දුන්නේ කුරුණෑගල කාන්තා නියෝජනය වූ අචිනි ලොකු බණ්ඩාරය.එදා සිය ජයග්‍රහණය එස්.බි නාවින්නට ලබා දීමට මලික් සමරවික්‍රම කටයුතු කරන විට අචිනි ලොකු බණ්ඩාර තරම් අපහසුතාවයට පත්වූ කවරෙක් හෝ නැති බව කුරුණෑගල බොහෝ දෙනා දන්නා කරුණකි.එසේම මැතිවරණ ප්‍රතිපලය නිකුත් කළ දින රාත්‍රියේ තුෂාර ඉඳුනිල් මහතාගේ මන්ත්‍රිධුරයද එසේ උදුරා ගැනීමට මලික් ක්‍රියා කළේ තවත් එවැනිම වයස්ගතයෙකුට පාර්ලිමේන්තුවට ගාටන්නට අවස්තාව ලබා දීමටය.නමුත් එම උත්සාහය හකුලා ගැනීමට මලික්ට එදා සිදු වූවේ තුෂාර ඉඳුනිල්ගේ විශාල ජන ගංගාව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වට කිරීම නිසාය.

මලික් හදිසියේම කුරුණෑගලට පැමිණ එදා ගත් තීරණයට අද එස්.බි නාවින්න සාධාරණය ඉටු කර ඇත.එ.ජා.පයේ නායකත්වයේ පැවතී මෙවැනි නින්දිත ක්‍රියාවන් නිසා යහපාලනයට හෙන ගැසූ බව පමණක් අපට කිව හැකිය.එසේම එදා අචිනි ලොකු බණ්ඩාරට ඇයගේ ජයග්‍රහණය ලබා දුන්නා නම් අද එ.ජා.ප ට තත්වත් මන්ත්‍රී ආසනයක් ඉතිරි වී පවතින බව පමණක් අවසානයේදී මතක් කරනු කැමැත්තෙමි.

Facebook Comments