රනිල්ගේ රුධිර පීඩනය නෝමල් වෙද්දී අනෙක් ඇමතිවරුන්ගේ රුධිර පීඩනය වැඩියි

රනිල්ගේ රුධිර පීඩනය නෝමල් වෙද්දී අනෙක් ඇමතිවරුන්ගේ රුධිර පීඩනය වැඩියි

‍එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය බැලීමට ඊයේ (01දා) අරලිය ගහ මන්දිරියට පැමිණි වෛද්‍යවරයෙකු පැමිණියේය.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය බැලීමට පෙර ඔහු සමග සිටි හිටපු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ ලේකම්වරුන්ගේ රුධිර පීඩනය බැලීමටද වෛද්‍යවරයා කටයුතු කළේය.

ඒ සියලු දෙනාගේම රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට වඩා මදක් වැඩි වී තිබිණි. අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රුධිර පීඩනය මැන බලන විට ඔහුගේ රුධිර පීඩනය නිවැරදි මට්ටමේ තිබුණි. මෙය වෛද්‍යවරයාට මෙන්ම අවට සිටි බොහෝ දෙනෙකුට පුදුමය ගෙන දෙන්නක් විය.

Facebook Comments